• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශපාලන පළිගැනීමට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීම
- පසුගිය කාලසීමාව තුළ දේශපාලනික වශයෙන් පළිගැනීමට ලක් කිරීමේ අරමුණින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරින් ඉලක්ක කරගනිමින් චෝදනා ඉදිරිපත් කර නියමිත නෛතික ක්‍රියාමාර්ගවලින් පරිබාහිරව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පෙනී ගොස් ඇත. එවැනි තත්ත්වයන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන ජගත් බාලපටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2019-12-10 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කිරීම පිණිස නීතීඥ සුමුදු කේ. වික්‍රමාරච්චි මහතා පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.