• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ කිරුළපන සිට ගොඩගම දක්වා වන මාර්ග කොටස සහ පාමංකඩ සිට පොකුණුවිට දක්වා වන මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම/වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ කිරුළපන සිට ගොඩගම දක්වා වන මාර්ග කොටස සහ පාමංකඩ සිට පොකුණුවිට දක්වා වන මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම/වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි පදනමින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූල ලංසුකරු වශයෙන් ඇගයීමට ලක් කර ඇති MAGA Engineering (PVT) Ltd. වෙත ශ්‍රී ලංකා රුපියල් මිලියන 4,215.15ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.