• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ ක්ෂේත්‍රයේ පුනර්ජීවන සහ නවීකරණ වැඩසටහන
- තේ වගාව ප්‍රමුඛ අපනයන කර්මාන්තයක් බවට පත් කිරීමේ අරමුණින් වසර 2020 සිට එක් වසරකට අවම වශයෙන් 10%කින් සිය ආනයනයන් වැඩි කරලීමට 'සිලෝන් තේ' ආනයනය කරන රටවල් දිරිගැන්වීමට හැකිවනු පිණිස ශ්‍රී ලංකා තේ මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයන්හි අදාළ බලධාරින් හා එක්ව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහෙත්, තේ කර්මාන්තයෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන තේ කර්මාන්තශාලා හිමියන් මුහුණ පා ඇති ගැටලු ඒ සඳහා බාධාවක් වී තිබේ. විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළදී ක්‍රියාත්මක වූ සීමාකාරි මූල්‍ය සහ බදු පිළිවෙත් මෙන්ම ප්‍රතිඅපනයනය කිරීම සඳහා තේ ආනයනය කිරීම පිණිස අවකාශ සැලසීම සඳහා එතෙක් පැවති නීතිරීති හා රෙගුලාසි ඉවත් කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව නිරීක්ෂණය කර ඇත. මෙම තත්ත්වය යටතේ තේ කර්මාන්තය ස්ථාවර සහ තරගකාරි අපනයන ඉපැයුම් මාර්ගයක් බවට පරිවර්තනය කරමින් ඊට අදාළ සැපයුම්දාමය ආශ්‍රිත රැකියාවන්හි නිරත විශාල පිරිසකගේ රැකියා ස්ථාවරත්වය තහවුරු වන අන්දමට තේ ක්ෂේත්‍රයේ පුනර්ජීවන හා නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදාළව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.