• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිගණක ආශ්‍රයෙන් ඉගැන්වීම සඳහා ඉ ඉගෙනුම් සම්පත් නිර්මාණය කිරීම පිණිස පිහිටුවීමට නියමිත ජාතික මධ්‍යස්ථානය හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
- පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය විධිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ විෂයානුබද්ධ අන්තර්ගත / මෘදුකාංග හා පරිගණක යෙදවුම් තාක්ෂණ මධ්‍යස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරංගල්ල වත්ත භූමියෙහි ඉදි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. යෝජිත මධ්‍යස්ථානයට කොළඹ සිට කිලෝමීටර 90ක් පමණ දුරක් පැවතීමත්, එවැනි දුර බැහැර ස්ථානයක එම මධ්‍යස්ථානය පිහිටුවීම මඟින් පැන නැඟිය හැකි ප්‍රායෝගික දුෂ්කරතාත් සැලකිල්ලට ගෙන එකී මධ්‍යස්ථානය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පිටිපන ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.