• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය කිරීම සඳහා පෙර පාසල් මඟින් ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බව හඳුනා ගෙන ඇත. එසේම, ඇතැම් පෙර පාසල් ගුරුවරියන් / පාලිකාවන් වෘත්තීය ප්‍රවීණත්වය හෝ ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් රහිත පිරිස් බව ද නිරීක්ෂණය වී ඇත. මීට අමතරව නුපුහුණු පෙර පාසල් ගුරුවරියන් විසින් වයස අවුරුදු 3-5 අතර වයසේ පසුවන දරුවන්ගේ සංවර්ධනයට නොගැළපෙන ඉගැන්වීමේ ක්‍රියාවලියක නිරත වන බව ද පෙනී ගොස් ඇත. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ක්ෂේත්‍රයේ විද්වතුන්, නිලධාරින් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව පිළියෙල කරනු ලැබ ඇති පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.