• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් වෙත ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ඇතුළත් වීමට ඇති අවස්ථා පුළුල් කිරීම
- රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල රජය විසින් පිළිගත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වන නමුත් ඒ සඳහා අපේක්ෂිත පරිදි සිසුන් ආකර්ශනය කරගැනීමට හැකි වී නොමැත. විශේෂයෙන්ම එම වැඩසටහන යටතේ දැන‍ට තෝරාගෙන ඇති පාඨමාලා සඳහා රැකියා වෙළඳපොළේ ප්‍රමාණවත් ඉල්ලුමක් නොමැතිවිම සහ එකී උපාධි පාඨමාලා මඟින් රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් එකී ණය යෝජනා ක්‍රමය වඩා ඵලදායී අන්දමින් නැවත සකස් කළ යුතුව ඇත. ඒ අනුව 'සෞභාග්‍යයේ දැක්ම' නව පස් අවුරුදු සංවර්ධන උපායමාර්ගික ප්‍රතිපත්තියට අනුව තොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්‍රවල පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ දැනුමෙන් සපිරි උපාධිධාරින් 10,000ක් බිහි කිරීමට හැකි වන පරිදි අදාළ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කර ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.