• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පානීය ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම හා අධීක්ෂණ වැඩසටහන
- 51% ක් වූ වත්මන් නළ ජල සම්පාදන ආවරණයෙන් 11% ක් ප්‍රජා මූල සංවිධාන මගින් කළමනාකරණය කරනු ලබන ජල සම්පාදන ක්‍රම, ආරක්ෂිත කණින ලද ළිං හා නළ ළිං මගින් ලබා දෙන ජල පහසුකම්වලින් ආවරණය වන අතර එම මූලාශ්‍ර මගින් සැපයෙන ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරීම සඳහා නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය මගින් වැඩසටහනක් සැලසුම් කර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හා චීන - ශ්‍රී ලංකා පර්යේෂණ ප්‍රදාන ව්‍යාපෘතිය මෙහි ප්‍රධාන පාර්ශ්වකරුවන් වේ.
ඒ අනුව, ප්‍රජා මූල සංවිධාන මඟින් කළමනාකරණය කරනු ලබන ජල සම්පාදන ක්‍රම, ආරක්ෂිත කණින ලද ළිං හා නළ ළිං මඟින් ලබා දෙන ජලයේ ගුණාත්මක බව පරීක්ෂා කිරීමේ හා අධීක්ෂණය කිරීමේ වැඩසටහන ලෝක බැංකුව මඟින් අරමුදල් සපයනු ලබන ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ආවරණය කරනු ලබන දිස්ත්‍රික්ක හතකින් ආරම්භ කිරීමටත්, ඉන් පසු එය අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ද ව්‍යාප්ත කිරීමටත්, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.