• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික භෞතික සැලසුම යාවත්කාලීන කිරීම
- 'රට හදන සෞභාග්‍යයේ නව දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් යෝජනා කෙරෙන ජාතික අවකාශ (National Spatial System) භාවිතයේ නව ප්‍රවේශය අනුව එම යෝජිත ප්‍රතිපත්තිමය අංග ඒකාබද්ධ කිරීම සඳහා ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම අවශ්‍ය වී ඇත.
ඒ අනුව, සංවර්ධන කටයුතු හා සම්බන්ධ සියලු ආයතනවලට රටේ භෞතික පරිසරය කෙරෙහි සෘජුවම බලපාන සංවර්ධන කටයුතු සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහාත්, භෞතික පරිසරය සංවර්ධනය කිරීමට ආනුශංගිකව අවකාශය, පහසුකම් හා සේවා ආශ්‍රිත යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහාත් ජාතික මට්ටමෙන් මග පෙන්වීම පිණිස පුළුල් රාමුවක් සැපයීම සහ 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ලොව සුහුරු ජාතියක් සහ තරගකාරී ආර්ථිකයක් බවට පත් කිරිමට සහ ඉන් පසු එම තත්ත්වය පවත්වාගෙන යාමට පහසුකම් සලසන භෞතික පරිසරයක් වෙනුවෙන් සැලසුමක් සකස් කිරීම මෙම කාර්යයේ මූලික අරමුණු වේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකාවේ ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.