• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්යසාධක බලකාය ස්ථාපනය කිරීම
- ආර්ථික සංවර්ධනය සඳහා ඉතා විශාල පිටුබලයක් සපයනු ලබන නිෂ්පාදන කර්මාන්ත අංශයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී සිදු වන ප්‍රමාදයන් සහ ගැටලු සහගත තත්ත්වයන් අවම කරගැනීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමතිතුමා ඇතුළු අනෙකුත් අදාළ අමාත්‍යවරුන්ගේ, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ නිලධාරින්ගේ සාමාජිකත්වයෙන් සමන්විත කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්යසාධක බලකායක් ස්ථාපනය කිරීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.