• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම
- ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදනය, රාජ්‍ය ආයෝජන වෙන් කිරීම, ජාතික සංවර්ධන සැලසුම්කරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ව්‍යාපෘති විශ්ලේෂණය සහ කළමනාකරණය යන අංශවලට අදාළ කාර්යයන් විනිවිදභාවයකින් යුතුව සහ රජයේ උපායමාර්ගික දිශානතියන්ට අනුව සිදු කරමින් සාර්ව ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිණිස අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති හැඩගැස්වීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.