• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"සපිරි ගමක්" ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
- ග්‍රාමීය පහසුකම් සංවර්ධනය කිරීම තුළින් රැකියා හා ජීවනෝපාය අවස්ථා වර්ධනය කිරීමත්, එමඟින් ග්‍රාමීය ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය නංවාලීමත් අරමුණු කරගෙන "සපිරි ගමක්" යනුවෙන් ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් 2020 වර්ෂය තුළදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, රට තුළ පිහිටි 14,021 ක් වූ සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාස ආවරණය වන පරිදි එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් තුළ රුපියල් 2,000,000 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් එකී වැඩසටහන 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.