• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත ප්‍රකාරව නෛතික අවශ්‍යතාව සපුරාලීම සඳහා ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙරට වගා කළ හැකි භෝග මෙන් ම නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හැකිතාක් දුරට මෙරට නිෂ්පාදනය කිරීමට ගොවියා හා නිෂ්පාදකයා දිරිමත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. රට තුළ ගොවි ආර්ථිකය ඉහළ නැංවීමත්, විදේශ විනිමය රටින් පිටතට ගලා යාම පාලනය කිරීමත් එමඟින් අපේක්ෂිත ය.
ඒ අනුව, කරඳමුංගු, කරාබුනැටි, කහ, ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, වසාවාසි, පුවක්, සියඹලා, උඳු ආදී කුළු බඩු සහ සරුංගල්, පහන් කූඩු/වෙසක් පහන් කූඩු සහ හඳුන්කූරු ආදී භාණ්ඩ ආනයනය පාලනය කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ විධිවිධාන පනවමින් නිකුත් කරන ලද 2019-12-06 දිනැති ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.