• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමට අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම
- 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ පරිදි එම ප්‍රසම්පාදනයන් පිරිනැමීම සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.