• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර් සම්බන්ධිත නවීන මාර්ග ජාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම
- 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් වශයෙන් මාර්ග ජාල පද්ධතිය නවීකරණය කිරීම හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රථ වාහන තදබදය දැඩිව පවතින හඳුනාගත් ප්‍රදේශයන්හි රථවාහන තදබදය සහ රථවාහන අනතුරු අවම කිරීම සඳහා ජාතික මහාමාර්ගයන්හි කිලෝමීටර 3-5 පරතරයන්හි පසු කර යෑමේ මංතීරු (Overtaking Lanes) ඉදි කිරීම, රථවාහන තදබදය සහ රථවාහන අනතුරු අවම කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කරනු ලබන පරිදි සමස්ත මාර්ග ජාලයෙහි මතුපිට අලුතින් සකසා නවීකරණය කිරීම, ප්‍රධාන මහාමාර්ග හා අධිවේගී මාර්ගයන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි වන පරිදි කිලෝමීටර 100,000ක 'විකල්ප මාර්ග ජාලයක්' සංවර්ධනය කිරීම සහ එම විකල්ප මාර්ග ජාලය වෙත ප්‍රවේශ වීම සඳහා ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම යන ප්‍රමුඛතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.