• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම
- රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික හා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම පිණිස ‘අධ්‍යාපනය පිළිබඳ කාර්යසාධක බලකායක්’ පිහිටුවීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වැඩසටහන් හා ක්‍රමෝපායයන් හඳුනාගැනීම, ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම, අදාළ ආයතන සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දීම හා නියාමනය සහ ප්‍රතිපෝෂණය ලබා දීම සඳහා අධ්‍යාපන කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම පිණිසත්, ඒ සඳහා, අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විෂය විශේෂඥතාවක් සහිත විශේෂඥ කණ්ඩායමක් පත් කිරීම පිණිසත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.