• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 පෙබරවාරි මස 04වන දිනට යෙදෙන, 72වන ජාතික දින උළෙල
- 2020 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 72 වන ජාතික දින උළෙලට අදාළ වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එසේම, 72 වන ජාතික දින උළෙල කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.