• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දඬුවම් පමුණුවන ලද තැනැත්තන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චෙක් ජනරජය අතර භාරදීම සඳහා ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම
- 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වරදකරු කර, දඬුවම් පමුණුවා, බන්ධනාගාරගත කරනු ලබන වෙනත් රටක පුරවැසියෙකුට, එම දණ්ඩනය එම තැනැත්තා පුරවැසියෙකු යයි හිමිකම් කියන රට තුළදී විඳීමට හැකියාව ඇති අතර වෙනත් රටකදී බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයට ලක් කර ඇති ශ්‍රී ලංකා පුරවැසියෙකුට ද එකී දණ්ඩනයේ ඉතිරි කාලය ශ්‍රී ලංකාව තුළ දී විඳීමට හැකියාව ඇත. එම පනතේ විධිවිධාන අදාළ කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ අදාළ අනෙක් රට අතර ගිවිසුමක් ඇති කරගෙන තිබීම අවශ්‍ය වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේදී හා චෙක් ජනරජයේදී දඬුවම් පමුණුවන ලද තැනැත්තන් දෙරටේ නීතිවලට අනුකූල වන පරිදි දෙරට අතර භාර දීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීම පිණිස අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.