• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මූල්‍ය නගර ව්‍යාපෘතියේ වර්තමාන විෂය පථය සමාලෝචනය කිරීම
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීන ආයෝජක සී.එච්.ඊ.සී. පෝට් සිටි කොළඹ (පෞද්ගලික) සමාගම සමඟ එක්ව පෞද්ගලික අංශයේ ආයෝජනයක් වශයෙන් 'කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය' 2014 වර්ෂයේදී ආරම්භ කරන ලදී. 2015-01-08 දිනෙන් පසුව එම ව්‍යාපෘතියේ මුල් විෂය පථය වෙනස් කරමින් 'මූල්‍ය නගර ව්‍යාපෘතිය' වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත. මේ වන විට බාහිර උපදේශකයින්ගේ සහාය සහ නීති කෙටුම්පත් සම්පාදකගේ මෙහෙයවීම මත 'කොළඹ මූල්‍ය නගරය' නමින් විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. වර්තමාන දේශපාලන, සාමාජීය සහ පාරිසරික සන්දර්භය තුළ එම ව්‍යාපෘතියේ සංශෝධිත විෂය පථය සහ එම විෂය පථය සංශෝධනය කිරීම පිණිස අනුගමනය කරන ලද ක්‍රියාදාමය සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති අතර, ඒ සඳහා අදාළ විෂය ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.