• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
- ජීවන වියදමට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විතව ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ගරු අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා;

* මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍ය සහ අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා;

* ධීවර හා ජලජ සම්පත් අමාත්‍යතුමා; සහ

* වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යතුමා.

එසේම, එකී අනුකාරක සභාවට සහාය වීම පිණිස රාජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකුගෙන් සහ නිලධාරින් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද තීරණය කරන ලදී.