• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ඉඩම් කළමනාකරණය කිරීමේ කඩිනම් වැඩසටහන
- ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල මූලිකත්වයෙන් 2019 දෙසැම්බර් මාසයේ සිට 2020 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් 11ක් සම්බන්ධයෙන් වන තොරතුරු ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, ඉඩම් සංවර්ධන ආඥාපනත හා රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් කච්චේරි පවත්වා බලපත්‍ර, දීමනා පත්‍ර හා බදුකර ලබා දීම, ජංගම දින හා ක්ෂේත්‍ර දින වැඩසටහන් පැවැත්වීම, හිමිකම් ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ හිමිකම් සහතික නිකුත් කිරීම, රජයේ ඉඩම් දත්ත පද්ධතිය විධිමත් කිරීම, මාර්ග සිතියමේ නව සංස්කරණය එළි දැක්වීම හා ඉඩම් මාර්ගෝපදේශ සංග්‍රහය සැකසීම යනාදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යතුමා විසින් වැඩිදුරටත් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

බදු පදනම මත ලබා දී ඇති ඉඩම්වලට අදාළව බදුකරුවන් අපහසුවට පත් නොවන පරිදි බදු මුදල් ගෙවීමට හැකිවන අයුරින් සරල සහ පහසු ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.