• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා ඉදිකර ඇති විදුලි වැටවල් නඩත්තු කිරීම හා පසු විපරම් කාර්යය සඳහා වන යෝජිත වැඩපිළිවෙල
- රට තුළ මතුව ඇති අලි - මිනිස් ගැටුම සියලු පාර්ශ්වයන්ගේ අවධානයට යොමු වී ඇති ජාතික ගැටලුවක් බවට පත් වී ඇත. එම ගැටලුව විසඳීම සඳහා දැනට පවතින විදුලි වැටවල් යාවත්කාලීන කර නඩත්තු කිරීම සඳහාත්, ඊට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සලසා ගැනීම සඳහාත්, එකී ගැටලුව විසඳීම සඳහා සැලසුම් කර ඇති වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහාත් පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.