• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
Z-Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිත කරනු ලබන දිස්ත්‍රික් පදනම වෙනුව‍ට පාසල් පදනම් කොටගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීම
- සියලුම දරුවන් සඳහා සම-සාධාරණ අධ්‍යාපන අවස්ථා ඇති කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් වුවත් වර්තමානය වන විටත් පළාත්, දිස්ත්‍රික්ක මෙන්ම පාසල් අතර ද අධ්‍යාපන පහසුකම් හා අධ්‍යාපන ගුණාත්මකභාවයේ විවිධ විෂමතා පවතින බවට හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය යටතේ දැනට රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරාගැනිමට දිස්ත්‍රික් පදනමින් භාවිතා කරනු ලබන Z-Score ක්‍රමවේදය වෙනුවට පාසල් පදනම් කොටගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.