• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් පද්ධතිය තුළ ජාතික පාසල් සංඛ්‍යාව 1,000 ක් ලෙස වර්ධනය කිරීම හා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නව ත්‍රෛභාෂා පාසල් පිහිටුවීම
- නිදහස්, සම සාධාරණ හා ගුණාත්මක අධ්‍යාපනයක් සෑම දරුවකුටම ලබා දීම අරමුණු කර ගනිමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පහසුකම්වලින් අංගසම්පූර්ණ පාසල් 03 බැගින් සංවර්ධනය කර එම පාසල්, ජාතික පාසල් ලෙස උසස් කිරීම තුළින් ජාතික පාසල් සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. එසේම සෑම දිස්ත්‍රික්කයකටම ත්‍රෛභාෂික ඉගෙනුම් අවස්ථා සහිත සියලු පහසුකම්වලින් සමන්විත ජාතික පාසල බැගින් ආරම්භ කිරීමටත්, ඉදිරි වසර දෙකක කාලසීමාව තුළදී එවැනි පාසල් 20ක් ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, යෝජිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.