• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය කර්මාන්ත හා ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය වැලි, පස් හා මැටි ප්‍රවාහනය කිරීම පිණිස පවතින බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම
- වැලි, පස් හා මැටි ප්‍රවාහනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් දේශීය කර්මාන්තවලට මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී දුෂ්කරතා පැන නැගී ඇති බවත්, අදාළ බලපත්‍ර නිකුත් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදු වන බවත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් පෙන්වා දෙන ලදී. එම කරුණු සැලකිල්ලට ගෙන වැලි, පස් හා මැටි ප්‍රවාහනය කිරීම සඳහා දැනට පවතින බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.