• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව - රට හදන සෞභාග්‍යයේ දැක්ම
- ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යවත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා දස ප්‍රතිපදාවන්ගෙන් යුත් වැඩ පිළිවෙළක් සහිතව අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය වන 'රට හදන සෞභාග්‍යයේ දැක්ම', ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමටත්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේ කාර්යයන් ඒ අනුව ඉටු කිරීමට පියවර ගන්නා ලෙස එම ආයතන වෙත දැනුම් දීමටත් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.