• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'අධ්‍යාපන සේවා' සංවෘත සේවාවක් පිහිටුවීම
- වෘත්තීයමය සේවා ගැටලු කඩිනමින් විසඳීම, සේවා ඇගයීම් විධිමත්ව හා පාරදෘශ්‍යතාවයකින් ඉටු කිරීම, වෘත්තීයභාවය ඉහළ නැංවීම, සේවා තෘප්තිමත්භාවය ඉහළ නැංවීම තුළින් යහපත් හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වන පරිදි, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකයින්, ගුරු අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් සඳහා අධ්‍යාපන සංවෘත සේවාවක් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර යෝජනාවලියක් සකස් කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් හා විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.