• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිවිතුරු ලංකා ජාතික පරිසර කළමනාකරණ වැඩසටහන
- පරිසර කළමනාකරණයේ වගකීම පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කොට එහිලා ජනතා සහභාගිත්වය ඉහළ නැංවිම මෙන්ම පළාත් පාලන ආයතන ඇතුළු අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, කසළ වර්ගීකරණය සඳහා මධ්‍යස්ථාන පිහිටුවීම, තෝරාගත් පළාත් පාලන ආයතන වෙත කසළ දාහක (Incinerators) ලබා දීම, කොම්පෝස්ට් අංගන වැඩිදියුණු කිරීම හා කොම්පෝස්ට් අංගන අලුතින් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම, පරිසර සංරක්ෂණය සඳහා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළුව දිවයිනේ සමස්ත පරිසර කළමනාකරණය සඳහා වන වැඩසටහන් හා ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව සිදු කිරීම සඳහා 'පිවිතුරු ලංකා ජාතික පරිසර කළමනාකරණ වැඩසටහන' නමින් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.