• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු කාර්යමණ්ඩලයම උපාධිධාරීන් බවට පත් කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම
- අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් 'ප්‍රඥා සම්පන්න පුරවැසියෙක්: දැනුමෙන් පිරිපුන් සමාජයක්’ යන වැඩපිළිවෙල යටතේ ගුරුවරුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාවම උපාධිධාරීන් බවට පත් කිරීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් විශ්වවිද්‍යාල පීඨයන් බවට පත් කර ගුරුවරුන් සඳහා උපාධි සුදුසුකම් ලබාගැනීම පිණිස අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. එසේම එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ශාස්ත්‍රීය හා නෛතිකමය කාර්යයන් ඉටු කිරීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.