• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සනීපාරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳ කලාපීය වේගවත් ක්‍රියාකාරී ඉගෙනුම් වැඩමුළුව
- දකුණු ආසියානු කලාපයේ ර‍ටවල් විසින් සනීපාරක්ෂාව සම්බන්ධයෙන් අත් කර ගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳව එකිනෙකාගෙන් ප්‍රායෝගික පාඩම් ඉගෙන ගැනීම, උගත් පාඩම් බෙදා හදා ගැනීම සහ නව සොයාගැනීම් හා ප්‍රායෝගික පිළිවෙත් හඳුනාගැනීම අරමුණු කොට ගෙන සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුව (සකොසාන්) සඳහා වන සනීපාරක්ෂාව පිණිස කලාපීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන 'සනීපාරක්ෂාව හා සෞඛ්‍යය පිළිබඳ කලාපීය වේගවත් ක්‍රියාකාරී ඉගෙනීම' යන වැඩමුළුව, සාමාජික රටවල නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ අදාළ විෂය පිළිබඳ වෘත්තිකයින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අදාළ නිලධාරීන් සහ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් 2019 දෙසැම්බර් 09 දින සිට 11 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.