• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය
- වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ප්‍රමුඛතා පදනමක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සේවා ලබා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.