• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට රටවල් 19ක ගමනාන්ත 37ක් සඳහා ගුවන් ගමන් සේවා පවත්වා ගෙන යනු ලැබේ. එම සේවාව පවත්වා ගෙන යාම සඳහා ලොව පුරා පිහිටි ගුවන් තොටුපොළ 12ක දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා සඳහා අවශ්‍ය ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.