• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්‍රව පෙට්‍රෝලියම් වායුව හදිසි මිල දී ගැනීම
- 2019 සැප්තැම්බර් මාසයේදී සෞදි ආරාබියේ තෙල් පිරිසැකැසුම් පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සහ ශ්‍රී ලංකාවේ ගෑස් මිල පහත දැමීම හේතුවෙන් ඉල්ලුම වැඩි වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළඳපොළේ ගෑස් හිඟයක් අත්දැකිය හැකි විය. ඒ අනුව 2019 නොවැම්බර් හා දෙසැම්බර් මාස සඳහා වෙළඳපොළ ඉල්ලුම ආවරණය කිරීම සඳහා හදිසි ප්‍රසම්පාදනයක් ලෙස ද්‍රව පෙට්‍රෝලියම් වායුව මෙට්‍රික්ටොන් 12,000ක් මිල දී ගැනීම සඳහා මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.