• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිගණක දැනුම පිළිබඳ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන ලද ග්‍රාම නිලධාරින්ගේ පුහුණු වියදම් ප්‍රතිපූර්ණය කිරීම
- දිවයිනේ ග්‍රාම නිලධාරි කාර්යාල ආවරණය වන පරිදි හඳුන්වා දීමට නියමිත විද්‍යුත් ග්‍රාම නිලධාරි දත්ත පද්ධතිය යටතේ ග්‍රාම නිලධාරි කාර්යාලවලට පැමිණෙ‍න සේවාලාභීන්ට පරිගණක ආශ්‍රයෙන් විවිධ සේවා සැපයීමට ග්‍රාම නිලධාරින්ට වගකීම් පැවරේ. තවද ග්‍රාම නිලධාරි සේවයේ බඳවාගැනීමේ පටිපාටිය අනුව ද ග්‍රාම නිලධාරින් පරිගණක දැනුම පිළිබඳ පුහුණු අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ යුතුය. ඒ අනුව III ශ්‍රේණියේ ග්‍රාම නිලධාරින් පත්වීම් දින සිට වසර තුනක් (03) ඇතුළත පරිගණක දැනුම පිළිබඳ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන ලද නිලධාරින් ඒ සඳහා දරන ලද පුහුණු වියදම් ප්‍රතිපූර්ණය කිරීමක් ලෙස රුපියල් 7,000ක දීමනාවක් ලබා දීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.