• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැවත සමාජගත කරන ලද සහ පුනරුත්ථාපනය වූ තැනැත්තන් හට උපාධිධාරී රැකියා යෝජනා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාදීම
- උතුරු නැ‍ඟෙනහිර පැවැති ගැටුම් අවසන්වීමෙන් පසුව නැවත සමාජගත කරන ලද පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් අතුරින් උපාධිය සම්පූර්ණ කරන ලද තැනැත්තන් 65 දෙනෙකු හට උපාධිධාරි යෝජනා ක්‍රමය යටතේ මීට පෙර පත්වීම් ලබා දී තිබේ. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වූ නැවත සමාජගත කරන ලද උපාධිය සම්පූර්ණ කරන ලද තවත් තරුණ තරුණියන් 20 දෙනෙකුට එම යෝජනා ක්‍රමය යටතේ පත්වීම් ලබා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.