• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ යෝජිත ආපදා අවදානම් අවම කිරීමේ නිරීක්ෂණ, පුරෝකථන සහ සන්නිවේදන කේන්ද්‍රයන්හි ඒකාබද්ධ වාස්තු විද්‍යාත්මක උපදේශන සේවාව
- දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහා යෝජිත ආපදා අවදානම් අවම කිරීමේ නිරීක්ෂණ, පුරෝකථන සහ සන්නිවේදන කේන්ද්‍රයන්හි ඒකාබද්ධ වාස්තු විද්‍යාත්මක උපදේශන සේවාව සඳහා වන කොන්ත්‍රාත්තු රුපියල් මිලියන 63.43ක මුදලකට Design Group Five International (Pvt) Ltd වෙත ප්‍රදානය කිරිම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.