• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලක්විජය බලාගාරය මෙගාවොට් 900 සඳහා දිගු කාලීන ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
- නොරොච්චෝලේ ගල් අඟුරු ලක්විජය බලාගාරයට 2019 නොවැම්බර් සිට 2021 අප්‍රේල් දක්වා විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් මිලියන 2.25ක ප්‍රමාණයෙන් 50%ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 60.71 මුදලකට සිංගප්පූරුවේ M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.