• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සම්ප්‍රේශන හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ දෙහිවල ගල්කිස්ස හා බත්තරමුල්ල ප්‍රදේශයන්හි ප්‍රාථමික උපපොළ, බෙදාහැරීමේ උපපොළ සහ කේබල් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව
- ජාතික සම්ප්‍රේශන හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ පැකේජ 4 ලොට් A සංරචකය යටතේ දෙහිවල ගල්කිස්ස හා බත්තරමුල්ල ප්‍රදේශයන්හි ප්‍රාථමික උපපොළ, බෙදාහැරීමේ උපපොළ සහ කේබල් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ Siemens Limited විසින් ශ්‍රී ලංකාවේ සීමාසහිත ඩිමෝ (පෞද්ගලික) සමාගම සමඟ ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත රුපියල් මිලියන 4,594.43කට සමාන මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.