• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒරියල් බන්ඩල් සන්නායක කිලෝමීටර 1,300 සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීමේ කලාප සඳහා ඒරියල් බන්ඩල් සන්නායක කිලෝමීටර 1,300 සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ඒසීඑල් කේබල්ස් (පොදු)සමාගම වෙත රුපියල් මිලියන 789.45ක මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.