• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇල්පිටිය හා බලපිටිය මූලික රෝහල් සංවර්ධනය කිරීම
- රුපියල් මිලියන 6,186ක ආයෝජනයක් යටතේ ඇල්පිටිය මූලික රෝහල සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් සහිතව දැඩි සත්කාර ඒකකය හා වාට්ටු ශල්‍යාගාර, හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය, විකිරණවේදී දෙපාර්තමේන්තුව හා රසායනාගාරය ස්ථාපනය කිරීමට මහළ් 9කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, රුපියල් මිලියන 6,228ක ආයෝජනයක් යටතේ බලපිටිය මූලික රෝහල සඳහා බාහිර රෝගී අංශය (OPD) හා අනතුරු හා හදිසි සේවා ඒකකය, සියලුම වාට්ටු, ශල්‍යාගාර, රසායනාගාර සහ සහයක සේවාවන් ස්ථාපිත කිරීමට මහල් 10කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම පිණිස අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.