• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා උපදේශන සේවා ප්‍රසම්පාදනය
- සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, මධ්‍යම, සබරගමුව හා ඌව යන පළාත්වල සෞඛ්‍ය සේවා ආයතනවල සහ දිස්ත්‍රික් රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව එම ව්‍යාපෘතිය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සැලසුම් සහ උපදේශන කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත රිසෝසර්ස් ඩිවලප්මන්ට් කන්සල්ටන්ට් (පෞද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.