• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ෆිල්ම් ලේසර් බ්ලූ බේස් ඩ්‍රයි සීආර්, ඩීආර්, සීටී සහ එම්ආර්අයි සේයාපටල 1,300,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- ෆුජී ලේසර් මුද්‍රණ යන්ත්‍රවල භාවිත කළ හැකි 35 cm x 43 cm ප්‍රමාණයේ ෆිල්ම් ලේසර් බ්ලූ බේස් ඩ්‍රයි CR, DR, CT සහ MRI ෆිල්ම්ස් 1,300,000ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ M/s. Fujifilm Corporation වෙත ඇමරිකානු ඩොලර් මිලියන 1.89ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.