• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන්ට් ට්‍රීටඩ් ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් 200 අයියූ - 350 අයියූ වයල්ස් 55,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හිමොෆීලියා රෝගීන්ගේ ප්‍රතිකාර සිදු කිරීම සඳහා භාවිතා කරනු ලබන සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන්ට් ට්‍රීටඩ් ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් 200 අයියූ - 350 අයියූ වයල්ස් 55,000ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ස්විට්සර්ලන්තයෙහි, M/s. Baxalta GmbH වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 3.35ක මුදලකට මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.