• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වකුගඩු ආබාධ සහිත රෝගීන් වෙනුවෙන් භාවිත කරන ජීවාණුහරිත, කුහර තන්තු පොලිසල්ෆෝන්/ පොලිනෙෆ් රෝන් රුධිර කාන්දු පෙරණ 300,000 මිල දී ගැනීම
- වකුගඩු ආබාධ සහිත රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීම සඳහා වන රැධිර කාන්දු පෙරණ පටල ලෙස භාවිත කරන ජීවාණුහරිත, කුහර තන්තු පොලිසල්ෆෝන්/පොලිනෙෆ් රෝන් රුධිර කාන්දු පෙරණ 300,000 අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ Nipro Asia Pte Ltd වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 1.35ක මුදලකට මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.