• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිවයින පුරා නාය යෑම් අවදානමට ලක්විය හැකි ප්‍ර‍දේශ ප්‍රකාශයට පත් කිරීම සහ එවැනි අවදානමක් ඇති ප්‍රදේශවල නාය යෑම් අවදානම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම
- නායයාමේ අවදානම සහිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිස්ත්‍රික්ක 10ට අමතරව, මොණරාගල, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල අවදානමට ලක්විය හැකි ප්‍ර‍දේශ ප්‍රකාශයට පත් කිරීම සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අවදානම් තක්සේරු ක්‍රමවේදය හඳුන්වා දීම පිණිස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.