• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර ප්‍රජාව සඳහා සහන සැලසීම
- කලමැටිය ධීවර වරාය ආශ්‍රිතව මෙම වර්ෂයේ ජුනි මාසයේ සිදු වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම වරාය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් සතු යාත්‍රා සහ දැල් ආම්පන්න හානියට පත්ව තිබේ. එබැවින් එම ධීවර කාර්මිකයන්ගේ ජීවනෝපාය තත්ත්වය නැවත නඟාසිටුවීම සඳහා එම ධීවරයන් වෙත යාත්‍රා, එන්ජින් හා ධීවර ආම්පන්න සැපයීම පිණිස අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.