• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදන්ගත වකුගඩු රෝගය/හේතුව නොදන්නා නිදන්ගත වකුගඩු රෝගීන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම පිළිබඳ සහයෝගිතාවය ඇති කර ගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම
- උතුරු මැද පළාතේ ජනතාව පීඩාවට පත්ව ඇති නිදන්ගත වකුගඩු රෝගය සහ හේතුව නොදත් වකුගඩු රෝගය පිළිබඳව ඒකාබද්ධ පර්යේෂණ ආරම්භ කිරීම සඳහා ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා තාක්ෂණික සංවිධානය (ANSTO) සමඟත් හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය කල්තබා හඳුනාගැනීම සඳහා පර්යේෂණ සිදු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝඩ් සරසවිය සමඟත් දත්ත හුවමාරු ගිවිසුම් ඇති කර ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.