• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීම
- 2019 අයවැය කථාව මඟින් යෝජනා කර අනුමත කරන ලද පරිදි බැංකු ක්ෂේත්‍රයේ දේශීය කොටස් හිමිකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවය ශක්තිමත් කිරීම පිණිස 1988 අංක 30 දරන බැංකු පනත යටතේ නිකුත් කරන ලද 2007 අංක 01 දරන නියෝගය සංශෝධනය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.