• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර සුරක්ෂිතතාව සහ අවදානම පිළිබඳ ජාතික තක්සේරුව - 2019
- ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු අධ්‍යයනයේ ශක්‍යතාව තහවුරු කරගැනීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත නියමු අධ්‍යයනයේ ශක්‍යතාව මත පදනම්ව සියලුම පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් ජාතික ආහාර සුරක්ෂිතතාව සහ අවදානම තක්සේරු කිරීමේ අධ්‍යයනය ක්‍රියාත්මක කිරීමටත්, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ඒ සඳහා අවශ්‍ය උපායමාර්ග හා වැඩසටහන් මෙහෙයවීම සඳහා අදාළ සියලු අමාත්‍යාංශ/රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුවක් (National Food Security Cluster) ස්ථාපිත කිරීම සඳහාත් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.