• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ලංකා සතොස සඳහා දේශීය වෙළදපොළ තුළින් සුදු නාඩු සහ සම්බා සහල් මිල දී ගැනීම
- සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව පාලනය කිරීම සඳහා විවෘත වෙළඳපොළ තුළ ප්‍රමාණවත් තරම් සහල් ප්‍රමාණයන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, වී අලෙවි මණ්ඩලයේ පවතින වී, අවම වශයෙන් මෙට්‍රික්ටොන් 20,000ක් (නාඩු මෙට්‍රික්ටොන් 10,000ක් සහ සම්බා මෙට්‍රික්ටොන් 10,000ක්) සීමාසහිත ලංකා සතොස ආයතනයේ ලියාපදිංචි මෝල් හිමියන් හෝ MARKFED ආයතනය හෝ මඟින් සහල් බවට පත් කොට සීමාසහිත ලංකා සතොස ආයතනය මඟින් වෙළඳපොළට නිකුත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.