• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි අංශය සංවර්ධනය කිරීම
- වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමටත්, වැවිලි ක්ෂේත්‍රයේ ඵලදායීතාව කඩිනමින් වර්ධනය කිරීම උදෙසා එම අරමුදල් යොදා ගනිමින් සුදුසු යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව තීරණය කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත බලය පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. එම ප්‍රතිපාදන භාවිතා කරමින් වතු කම්කරුවන්ගේ සමාජ සුබසාධනය හා ජීවන තත්ත්වය නඟා සිටුවීම මඟින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු කොටගෙන ප්‍රාදේශීය වැවිලි සමාගම් සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා ඵලදායිතා දිරි දීමනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.